කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) නොවැම්බර් 23 වැනිදා ගනුදෙනු අවසානයේදී ඒකක 127.20කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,242.52ක් ලෙස සටහන් වූ අතර, එය පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව සියයට 0.60ක පහළ යෑමකි.

එමෙන්ම නොවැම්බර් 23 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනයක් ලෙස වාර්තා වී ඇත.