“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (10) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 1000 ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 997 ක් අත්අඩංගුවටද, 13 දෙනෙක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 347 කින් හෙරොයින් ග්‍රෑම් 332 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 385 ක් අතරින් අයිස් ග්‍රෑම් 851 ක් සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 195 කින් ගංජා කිලෝ 07 යි ග්‍රෑම් 468 ක් හා ගංජා පැළ 111,569 ක්ද සොයාගෙන ඇත.



