78 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව පවත්වනු ලබන ආගමික වතාවත් අතරින් බෞද්ධ ආගමික වතාවත් කොළඹ කොල්ලුපිටිය පොල්වත්ත ධර්මකීර්ති මුලීක පිරිවෙන් පරීශ්‍රයේදි සිදු විය.
අවස්ථාවට සහභාගී වූ පිරිස අමතමින් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රකාශ කරන ලද්දේ ගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමිය ප්‍රමුඛ රජයේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ මේ මොහොතේ සැබෑ උවමනාව නිදහස භුක්ති විඳිය හැකි රටක් අපේ මාතෘභූමිය තුළ නිර්මාණය කරගන්නේ කෙසේද යන්න වග බවයි.
එසේම ආගම් දර්ශන සංස්කෘතියෙන් අදහන විශ්වාස කරන, එකිනෙකාට ගරු කරන, විශේෂයෙන්ම පරිසරය රැකගන්න යොමු දර්ශනයක් මත රට ඉදිරියට ගෙනයාමට උවමනා බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා නැවත වතාවක් ජාතිය, ආගම නමින් අප රටේ ලේ බිදුවක්, කඳුළු බිදුවක් වැගිරිය යුතු නැති බවද අවධාරණය කර සිටියේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැකිය >>>>>>





