රියාද් නගරය දෙසට එල්ල වූ කෲස් මිසයිලයක් ඇතුළු ප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කළ බව සෞදි අරාබිය ප්‍රකාශ කර තිබේ.

Reuters වාර්තාවට අනුව, යේමනයේ හූති සංවිධානය රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කළ බව පවසා ඇත.

සෞදි පාර්ශ්වය කියා සිටින්නේ හූති මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුම් සඳහා ආධාර වන සම්පත් විනාශ කිරීමට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවය. ඉරානය සමඟ සබඳතා ඇති හූති සංවිධානය සහ සෞදිය අතර ගැටුම කලාපයේ ආරක්ෂාවට තවත් පීඩනයක් එක් කර තිබේ.