ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා.

“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රදානය සිදු කරන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි ප්‍රකාශ කර තිබෙනවා.

දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට ඉක්මනින් යළි යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබා දීම ජපානයේ අරමුණ බව ජපාන විදේශ අමාත්‍ය මොටෙගි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.