ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපය ආශ්රිත සිද්ධියකට අදාළ චෝදනා 143කට 2026 නොවැම්බර් 23 වැනිදා කලවාන මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගත් චීන ජාතිකයන් සිව් දෙනකුට රුපියල් මිලියන 76.4ක දඩ මුදලක් ගෙවන ලෙස කලවාන මහේස්ත්‍රාත් ඩී.එම්. යසස්ත්රී ප්‍රියංගිකා දිසානායක නියම කළාය.
සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ 41 කුලකයට අයත් ආරක්ෂිත සතුන් 300කට අධික ප්‍රමාණයක් අල්ලා ගැනීම, සන්තකයේ තබා ගැනීම සහ වාර්තා නොකිරීම සම්බන්ධ චෝදනාවලට විත්තිකරුවන් මෙලෙස වරද පිළිගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය 9 වැනිදා උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව, සිංහරාජ වනාන්තරයේ ප්‍රේරක කලාපයේදී මෙරටට ආවේණික කෘමි සත්ව විශේෂ සහ උරගයින් එකතු කරමින් සිටි චීන ජාතික පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ එක් කාන්තාවක වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එදිනම සැකකරුවන් කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, නඩුව යළි කැඳවූ අවස්ථාවේදී මෙම දඩ නියෝගය නිකුත් කර ඇත.


