ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල, අනතුර සිදුවූ දිනයේ ගමන් කරමින් සිට ඇත්තේ බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගි වීමට බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු විසින් වරදක් සිදු කළාද? නැද්ද යන්න පිළිබඳව පූර්ව නිගමනයක සිට කටයුතු කළ යුතු නැති බව සහ රජයේ පාර්ශ්වයෙන් නීතිමය කටයුතු සඳහා කිසිදු බාධාවක් සිදුකර නොමැති අතර අදාළ රාජ්‍ය නිළධාරීන්ගේ පාර්ශ්වයෙන් යම් අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එය සොයා බලන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.





