දිස්ත්‍රික්ක 24ක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (24) පස්වරු 12.00ට නිකුත් කර තිබේ. එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මන්නාරම, මහනුවර, මාතර, මාතලේ, මුලතිව්, මොනරාගල, රත්නපුර, වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 24 සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.
මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.





