ගල්අඟුරු සැපයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් විපක්ෂයේ කුමන්ත්‍රණයක් මගින් රටට අති විශාල පාඩුවක් කිරීමට සූදානම් වූ බව සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා සඳහන් කරයි.
එසේම මෙම කුමන්ත්‍රණය සාර්ථක වූයේ නම්, වර්තමාන සැපයුම්කරුවා ඉවත් කරමින් දෙවන ලංසුවට ටෙන්ඩරය ලබා දීමෙන් රජයට බිලියන 16.7ක පාඩුවක් සිදු වීමට ඉඩ තිබූ බව ඔහු ප්‍රකාශ කරන ලදී.
අදාළ සාකච්ඡා වීඩියෝ සාධක සහිතව මාධ්‍යයට එළියට පැමිණ ඇති අතර, විපක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ මේ පිළිබඳව දැඩි කතාබහක් සිදු වූ බව ඔහු සඳහන් කරන ලදී.
ජනාධිපතිතුමා මේ වනවිට ප්‍රකාශ කර ඇති පරිදි, රජයේ ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ කිසිදු කොමිස් ගෙවීමක් නොමැති බව සහ ඕනෑම බාධක හරහාත් නිසි පටිපාටියෙන් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>





