ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ තවත් මාර්ගයක් සංවර්ධනය කිරීමේ කටයුතු i-Road ව්‍යාපෘතිය යටතේ අද (14) ආරම්භ විය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට අනූව මෙම මාර්ගය සංවර්ධනය කෙරේ.
මෙම මාර්ගය බදුල්ල–මොණරාගල (A22) ප්‍රධාන මාර්ගයට සහ පුස්සැල්ලාව මාර්ගයට කඩිනමින් ප්‍රවේශය ලබාදෙන අතර සංවර්ධනයට රුපියල් ලක්ෂ 600ක් වැය කෙරේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ යෝජකත්වයෙන් තරගකාරී විනිවිද ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් දේශීය ඉදිකිරීම් ආයතන මගින් මෙය ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය 2025 වසරේදී ලෝක ආර්ථික දත්තයන්ට අනුව ඉහළම අගයන්වලට පැමිණ ඇති බවත්, රට ස්ථාවර කරමින් අභියෝගයන්ට මුහුණ දී ඉලක්කගත වැඩ පිළිවෙලක් තුළින් ඉදිරියට ගෙනයන බවත්ය.
දිට්වා ව්‍යසනයෙන් රටට සිදු වූ විශාල හානි වෙනුවෙන් වන්දි ගෙවීම් සිදු කරමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත්, මහජන මුදල් නාස්තියෙන් තොරව, වංචා දූෂණ නැතිව, ජනතාවට ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලබාදීමට රජය කැපවෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.








