අද (27) ගම්පහදී පැවති ‘අපේ ආණ්ඩුව: වසර දෙකයි – රටට සුබයි’ මහා රැලියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර මහත්මිය සඳහන් කරන ලද්දේ, 2024 සැප්තැම්බර්, නොවැම්බර් සහ 2025 අප්‍රේල් මාසවලදී ජනතාව ලබාදුන් “කතිර තුන” පිළිබඳව අද ඔවුන් සෑහීමකට පත්ව සිටිනවාද යන්න විමසා බැලිය යුතු බවය.
වසර දෙකකට පෙර ආණ්ඩුව භාරගන්නා අවස්ථාවේදී ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය හා සංස්කෘතික වශයෙන්ද දැඩි පසුබෑමකට ලක්ව තිබූ රටක් පැවති බව ඇය පැවසුවාය.
එම තත්ත්වයෙන් රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා පියවර ගෙන ඇති බවත්, 2025 වසරේ වාර්තා වූ ආර්ථික ජයග්‍රහණ සහ ආදායම් වාර්තා 2026 වසරේදීද ඉක්මවා යමින් පවතින බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළාය.
මන්ත්‍රිවරීය වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, ආර්ථික ප්‍රගතියට අමතරව සමාජීය හා සංස්කෘතික ගුණාංග යළි ජන ජීවිතයට එක් කරමින් නීතිගරුක හා විනයගරුක රටක් ගොඩනැගීම අරමුණ බවය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




