වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුරුණෑගල වැවිලි සමාගම, 2025 වසරේදී ලැබූ සුවිශේෂී මූල්‍ය ප්‍රගතිය සමඟ සේවක ප්‍රජාවගේ කැපවීම අගය කරමින් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා මුදලක් වෙන් කරන ලදී.
“උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ, කුරුණෑගල Seasons Hotel හි පැවති සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානයේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහභාගි විය.
මෙහිදී සේවකයින් 1,066 දෙනෙකුට රු. 75,000 සිට වැඩි කළ දිරි දීමනා ලබා දුන් අතර, එය 2024 වසරේදී ලබා දුන් රු. 45,000 ට සාපේක්ෂව රු. 30,000 කින් ඉහළ ගොස් තිබුණා. විධායක නිලධාරීන්ටද වැඩි කළ ප්‍රසාද ලබා දීම මෙවර විශේෂත්වයක් විය.
සමාගම ලැබූ රු. මිලියන 634 කට අධික බදු පෙර ලාභයෙන් මෙම මුදල වෙන් කර ඇති අතර, සේවක ප්‍රජාවගේ කැපවීම සහ ආයතනයේ සාර්ථකත්වය සාධාරණව බෙදා දීමේ උත්සාහයක් ලෙස මෙය සැලකේ.
මෙම පියවරෙන්, සේවකයින්ගේ දිරිමත් කිරීම හා ආයතනයේ තිරසාර ප්‍රගතිය තහවුරු කිරීමට කුරුණෑගල වැවිලි සමාගම කටයුතු කර තිබේ.





