වැඩ කරන ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය නවීකරණය කර විවෘත කළ බව අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

ඔහු සඳහන් කරන ලද්දේ, එම වෙබ් අඩවිය ඔස්සේ සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීමට අදාළ තොරතුරු ඇතුළු සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙන බවය.

EPF සාමාජිකයන් විශාල පිරිසක් දිනපතා ප්‍රතිලාභ ලබාගැනීම සඳහා කටයුතු කරන බැවින්, ඔවුන්ට අවශ්‍ය තොරතුරු දුරකථන ඇමතුම් හරහා විමසීමට සිදුවීම අවම කිරීම මෙම ඩිජිටල් සේවා හරහා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඩිජිටල් EPF ක්‍රමවේදය හඳුන්වා දුන් බවත්, ඒ ඔස්සේ සේවකයන්ට ඩිජිටල් ක්‍රමයෙන් EPF සාමාජිකත්වය ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ ඉදිරියේදී මෙම ඩිජිටල් සේවාවන් තවදුරටත් පුළුල් කර ජනතාවගේ වැඩකටයුතු වඩාත් පහසු කිරීම තම අරමුණ වගය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>