සිවිල් ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා පවසන්නේ සමගි ජන බලවේගයේ මතුගම ආසනය නියෝජනය කරන මන්ත්‍රී ජගත් විතාන මහතා ඒකාබද්ධ විපක්ෂයට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවය.
ජගත් විතාන මහතා තමන්ගෙන් මුදල් ඉල්ලා සිටි බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර, අදාළ දුරකථන වාර්තා හෝ හඬපට ඇතුළු සාක්ෂි ඉදිරිපත් කළ යුතු බව මහවත්ත මහතා සඳහන් කළේය.
එමෙන්ම, ජගත් විතාන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්, එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවත් ඔහු පැවසීය. ඒ සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පැහැදිලිව ප්‍රකාශ කරන ලෙසද අභියෝග කළේය.
තමන් කළ බව කියන ප්‍රකාශ සම්බන්ධයෙන් ජගත් විතාන මහතාට එරෙහිව රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇති බවද සඳහන් කළ ඔහු ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





