ඉරාන නෞකාවට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව හට තොරතුරු සැපයූයේ ශ්‍රී ලංකාව බවට මෙම දිනවල සමාජ මාධ්‍යන්හි පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍යක් බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අවධාරණය කරන ලදී.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (06) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදීය.

එසේම මෙය බලය ලබා ගැනීම උදෙසා අනෙකුත් දේශපාලන පක්ෂයන් මගින් සිදු කරන ක්‍රියවලීන් බව සඳහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි මැතිවරණයේදීත් ජනතාවගේ තේරීම ආණ්ඩු පක්ෂය බවයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>