ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ඊයේ (22) දින පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලද්දේ ලෝකයේ යුද්ධය ආශ්‍රිතව ඇතිවූ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ආර්ථිකය අඛණ්ඩව පවත්වාගෙන යාම හා බලශක්ති සැපයුම අඛණ්ඩව තහවුරු කිරීම රජයේ අරමුණ වගය.

එසේම 2022 ආර්ථික අර්බුදයෙන් පසු රට ස්ථාවරත්වයක් ලබා ගනිමින් සිටින අතර, මේ මොහොතේ වසා දමා ආර්ථිකය හැකිලවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් එබැවින් ලෝක තත්ත්වය සමග ගමන් කරමින්, ජනතාවගේ දෛනික ජීවිතයට ඇතිවන බලපෑම අවම කරගැනීමේ අරමුණින් ඉන්ධන මිල සංශෝධනය සිදු කළ බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, රජය සහ සමාගම් දෙපාර්ශවයම බර දරාගැනීමේදී මිල සංශෝධනය නොකළහොත් රජයට අවුරුද්දකට අමතරව ඩොලර් බිලියන 1.5ක් වියදම් කිරීමට සිදු වන බවයි.

එය ඩොලර් මිල ඉහළ යාමටත්, සමස්ත ආර්ථිකයම බලපාන තත්ත්වයක් ඇති කිරීමටත් හේතු වන බවද ඔහු අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>