උතුරු පළාත් තෛපොංගල් උත්සවය ඊයේ දින (15) පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර මේ සදහා ජනාධිපති අනුර කුමාර මහතා සහභාගි වූයේ මහත් සතුටිනි.

කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බවත් මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රටක් ලස්සන වීමට සහ ජනතාව අතර විශ්වාසය ඇතිවීමට සෑම සංස්කෘතියකටම ගරු කිරීමේ සහ පිළිගැනීම වැදගත් බවද පෙන්වා දුනි.

එමෙන්ම,නව රජය බලයට පත්ව වසරකට වැඩි කාලයක් ගතව ඇති බවත්, පසුගිය වසර මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.