වත්මන් යුධ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඊයේ (05) දින විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරන ලදී.
මේ වන විට කොළඹ ආසන්නයේ තිබෙන IRIS Bushehr ඉරාන නෞකාව ත්‍රිකුණාමලය වරායට ගෙන යාමට තීරණය කර ඇති බව ජනපති මෙහිදී සඳහන් කරන ලදී.
කෙසේ නමුත් එම නෞකාව ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට පෙර එහි සිටින පිරිස මුදවා ගැනීම සඳහා මෙරට නාවික යාත්‍රා යොදාගනිමින් කොළඹ වරායට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.







