උතුරු පළාත් තෛපොංගල් උත්සවය ඊයේ දින (15) පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර මේ සදහා ජනාධිපති අනුර කුමාර මහතා සහභාගි වූයේ මහත් සතුටිනි. කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බවත් මෙහිදී...

