6 වසර දරුවන්ට යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නොනවත්වා ක්‍රියාත්මක කරවන ඉල්ලා දෙමාපියන් විසින් සිදුකරනු ලැබු උද්ඝෝෂණයක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ඊයේ (16) දිනයේ දී පැවැත්විණ.

විරෝධතාවයෙන් අනතුරුව අවසර ලබාගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට පිවිසි දෙමාපියන් පිරිසක් විසින් වගකීම් විරහිත දේශපාලනඥයින්ගේ විරෝධතා හේතුවෙන් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නතරකිරීම ජාතියේ දු දරුවන්ට සිදුවු කිවනොහැකි පාඩුවක් හා ඉතා අවාසනාවන්ත සිදුවිමක් බව පවසන ලදි.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවේ යෙදවීම නතරකිරිමේ ක්‍රියාවලියට එරෙහිව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා , අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැදවුම්කරු සිසිර රාජපක්ෂ නීතිඡ අකලංක උක්වත්ත, වෛද්‍ය ලක්මාල් සෙනෙවිරත්න යන අය ද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තම අදහස් ගෙනහැර පෑවෝය.

තවත් විරොධතා රැස්වීමක් 2026 වසරේ 6 ශ්‍රේණිය සිසුන්ගේ දෙමාපියන් මැදිහත්වීමෙන් මැදිරිගිරිය නගරයේදී ද පැවැත්වුනු අතර ඔවුන්ගේ ඉල්ලීමද තම දරුවන් සදහා එම යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරවන ලෙසයි.