කුරුණෑගල රිදීගම විවිධ සේවා සමූපකාර සමිතිය විසින් එක් කෝටි පන් ලක්ෂයක කොටස් ලාභාංශ සාමාජිකයන් අතර බෙදාදීම පසුගිය 10 වන දා සිදුකෙරිණ.
මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ සමහර විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ජනතාවට බොරු කියමින් ගල් අඟුරු හා කූල් රූම් ව්‍යාපෘති පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කරන බවයි.
2019 දී ඉන්දියාවෙන් ආරම්භ කළ කූල් රූම් ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය මුදල් වෙන් කළද, කොන්ත්‍රාත් සමාගම් හා උපදේශන සේවා සම්බන්ධ ගැටළු නිසා වැඩේ ප්‍රමාද වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට ඉන්දියන් තානාපති කාර්යාලයත් එක්ව උත්සාහ කරන බවත්, ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා ආණ්ඩුවේ කැපවීම පැහැදිලිව පෙන්විය යුතු බවත් එතුමා ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>




