පසුගිය 09 වැනිදා සවස 03.00 සිට ක්‍රියාත්මක කරන ලද විදුලි සේවක වැඩ වර්ජනය අද සවස පහේ සිට අවසන් කිරීමට වෘත්තීය සමිති එකඟත්වය පළකරන ලදී.
ඒ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත් වීමෙන් කම්කරු අමාත්‍යංශයත් කම්කරු දෙපාර්තමේන්තුවත් අදාළ වෘත්තීය සමිති සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවය.
එම සාකච්ඡාවකදී වෘත්තීය සමිති සහ සමාගම් පාලනාධිකාරිය කාර්මික ආරවුල් පනතේ 12.1 ගිවිසුමකට අත්සන් කරමින් මෙම එකඟතාවයට පැමිණෙන ලදී.
මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුළු කම්කරු අමාත්‍යංශයේ නිලධාරින් කිහිපදෙනෙකුද සහභාගි වූහ.




