අද (11) දිනයේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා රථවාහන සඳහා පෙට්‍රල් ඉන්ධන ලබා ගැනීමේදී QR කේතය අවශ්‍ය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම තාවකාලික පියවර ගත් බව මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කරන ලදී.
එනමුත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය තවමත් දිගටම ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් සඳහන් වේ.


