2014, 2016, 2017, 2018, 2019 සහ 2024 වසරවල ආරම්භ කර විවිධ හේතුන් මත නවතා දමා තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25ක් යළි ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත.
මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 76,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම ප්‍රධාන අරමුණ ලෙස සලකනු ලබයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා, පිළිකා ප්‍රතිකාර ඒකක, හෘද සහ වකුගඩු රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන, හදිසි අනතුරු සහ බාහිර රෝගී ඒකක, හෙද පුහුණු හා නේවාසික පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය ව්‍යාපෘති රැසක් අඩංගු වේ.
මෙම ව්‍යාපෘති සඳහා 2025 වසරේදී රුපියල් මිලියන 16,000ක්, 2026 වසරේදී රුපියල් මිලියන 19,000ක් සහ 2027 වසරේදී රුපියල් මිලියන 38,000ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, වසර ගණනාවක් තිස්සේ ඇණහිට තිබූ සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට නව ජවයක් ලබාදීමට රජය බලාපොරොත්තු වෙයි.





