‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (22) දින මත්ද්‍රව්‍ය වැටලීම් 847 ක් සිදු කර තිබේ.

එහිදී සැකකරුවන් 819 ක් අත්අඩංගුවට ගත් බවත්, 07 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවත් පොලීසිය ප්‍රකාශ ක‍රන අතර හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 304 කින් හෙරොයින් ග්‍රෑම් 367 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 294 ක් අතරින් අයිස් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 097 ක්ද සොයාගෙන ඇති බවද සඳහන් වේ.

මීට අමතරව, වැටලීම් 195 කින් ගංජා කිලෝග්‍රෑම් 32 ග්‍රෑම් 804 ක් හා ගංජා පැළ 54,288 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

එම සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.