“නීතිපතිතුමාගේ තීන්දු තීරණ ගැනීමේ නිදහස වෙනුවෙන් ඒ ස්වාධීනත්වය වෙනුවෙන් ඔබතුමා පෙනීසිටිනවා. හැබැයි එම පෙනීසිටීම තුළම ඔබතුමාටත් පහර ගැහුවා ‘ඩ්‍රින්කින් පාට්නර්ව ආරක්ෂා කරනවා’ කිව්වා … මම ඔබතුමාට යෝජනා කරනවා ඒ මොන වෙබ් අඩවියෙද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල.”

ඊයේ (23) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හර්ෂණ නානායක්කාර අමාත්‍යතුමාව ඇවිස්සීමට තැත් කරන ලද්දේ එලෙසිනි.

”නීතිපති දෙපාර්තමේන්තුවේ, නීතිපති ආයතනයේ ස්වාධීනත්වය වෙනුවෙන් මම තනිවම පෙනී හිටින්නෙ නැහැ. අපේ 159ත්, ජනාධිපතිත් පෙනී සිටිනවා. ඒකයි ක්‍රමය. ඒවගෙම හර්ෂණ නානායක්කාර තනියම ආණ්ඩු කරනවා නෙවෙයි.
සමාජ මාධ්‍යවල තහවුරු නොකළ ගොඩාක් මත තියෙනවා. ඒ හැම එකකට ම උත්තර දෙන්න අපි බැ‍ඳ‍ෙන්නෙ නැහැ.”

විපක්ෂ නායකතුමා හට හර්ෂණ නානායක්කාර පෙරලා පිළිතුරු දැක්වූයේ එලෙසිනි.

එම අවස්ථාව අපගේ ‘webnews’ Youtube නාලිකාව හරහා දැන් නැරඹිය හැකිය.