අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු විය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය විසින් ප්‍රකාශ කරන ලදී.

ජනාධිපති ඉවත් කර ගැනීමට නොහැකි වූ බවත්, අගමැති ඉවත් කිරීමට උත්සාහ කළ ද එය ද සාර්ථක වී නොමැති අතර, තමා පැමිණියේ විශ්වාසභංගයට මුහුණ දීමට බවත්, එහෙත් එය ද ඉදිරිපත් කර නොමැති බවත් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කරන ලදී.

අගමැතිවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ විපක්ෂය විශ්වාසභංග ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවත්, රටේ ජනතාව අගමැති ධුරයේ වෙනසක් සිදු විය යුතු බවට තීරණය කළ පසු, තමා ඉවත් වීමට සූදානම් බවත්ය.

ආණ්ඩුව වග කියන්නේ ජනතාවට වන අතර, ඒ අනුව වැඩ කටයුතු සිදු කරගෙන යන බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කරන ලදී.