අද(25) දින මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරන ලද්දේ පොලිස් වාර්තාවන්ට අනුව මෙරට මාර්ග අනතුරු වලින් 50%කට පමණ වගකිව යුත්තේ රියදුරු මහතුන්ගේ අඩුපාඩුකම් වගය.
එබැවින් පොදු මඟීන් ප්‍රවාහනය සඳහා රියදුරන් හට විශේෂ රියදුරු පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වන වගත් එය මේවන විටත් සම්මත කර අවසන් වගත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව දින දහයක පුහුණුවක් යටතේ මොඩියුල 10ක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පොදු මඟී ප්‍රවාහන රියදුරු බලපත්‍රය ලබා දෙන බවත්,
බස් රථ වලින් ආරම්භ කෙරෙන මෙම බලපත්‍ර ක්‍රමය අනතුරුව අනෙකුත් ප්‍රවාහන සේවා සහ කැමති ඕනෑම අයෙකුට ලබා ගත හැකි බවද ඔහු සඳහන් කරන ලදී.
මෙමඟින් රියදුරු රැකියාවේ ප්‍රමිතීන් සහ ගෞරවය වැඩි වන බව සදහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ,
ශ්‍රී ලංගම ආයතනය , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පළාත් පාලන අධිකාරිය වැනි ආයතන ගණනාවකට මේ සඳහා අවසර ලබා දීමට කටයුතු කරන වගය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





