මෙම වසර තුළ විදේශ රැකියා සඳහා යොමුකිරීමේ අපේක්ෂිත ඉලක්කය 250,000ක් වන අතර, එහි පළමු මාස හය ඇතුළත ලියාපදිංචිය ලබාගත් සංඛ්‍යාව 125,018ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ රැකියා ක්ෂේත්රය පුළුල් කිරීම සහ සුදුසුකම් ලත් ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම අරමුණු කරගනිමින් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මෙයට සමාන්තරව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය මඟින් දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි විශේෂ ජාතික මට්ටමේ රැකියා ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.ඒ අනුව, මේ වන විට දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ යන පළාත් පදනම් කරගනිමින් වැඩසටහන් 06ක් සාර්ථකව පවත්වා අවසන්ය.
ඉතිරි පළාත් වන උතුර, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල ද අදාළ ප්‍රවර්ධන වැඩසටහන් මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. මීට අමතරව, අපේක්ෂිත රැකියා ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණු වැඩසටහන් 87ක් මේ වන විට දිවයින පුරා පවත්වා ඇති අතර, ඉදිරියේදී තවත් පුහුණු වැඩසටහන් 123ක් සංවිධානය කිරීමට ද අදාළ අංශ කටයුතු යොදමින් සිටී.




