අනුරාධපුර විවිධසාර සමුපකාරය අවුරුදු 60කට පසුව නිලවරණ පැවැත්වූ අතර, සාමාජිකයන්ගේ ඡන්දයෙන් මහා සභා නියෝජිතයන් තෝරාගත් බව සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.

රට නිදහස් වුවත් සමුපකාරය නිදහස් නොවූ බවත්, නමුත් මේ වන විට නව මණ්ඩලය සමඟ සමුපකාරය ශක්තිමත් ගමනක් ආරම්භ කරන බවත් ඔහු සඳහන් කරන ලදී.

සමුපකාරය දූෂිත තත්ත්වයෙන් මුදා ගත් සාමාජිකයන්ගේ සහයෝගය මත, නව මණ්ඩලය සමග සමුපකාරය ශක්තිමත් කිරීමට රජය උපරිම සහයෝගය ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය.

එතුමා වැඩිදුරටත් සඳහන් කළේ සමූපකාරය ගොඩනඟනවා යනු රට ගොඩනැගීමට සිදුකරන විශේෂ කාර්‍යභාරයක් වගය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.