ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම පිළිබඳව අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මණ්ඩල ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.
ඔහු පැවසූයේ, මෙම ආයතනය ස්වාධීනව පිහිටුවන අතර මෙහි අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වා දීම සහ ඒවා පවත්වාගෙන යාම බවයි.
මේ සඳහා අදාළ පනත් කෙටුම්පත මේ වන විට රජය විසින් ගැසට් කර ඇති අතර, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස්ද ලබාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.
මෙය ශ්‍රී ලංකාවේ පළමු වරට පිහිටුවන ආකාරයේ ආයතනයක් බවත්, දැනට ගැසට් මට්ටමේ පවතින මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී අවශ්‍ය සංශෝධන සිදුකිරීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.





