කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා විසින් තෑගි භෝග ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය මුළුමනින්ම හෙළා දකින බවත්, ඔහු වහාම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ජනතාවගෙන් සමාව ගෙන එම වරද නිවැරදි කළ යුතු බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.
සිරස රූපවාහිනී නාලිකාවේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පසුගිය ආණ්ඩු කාලවලදී මෙන් උත්සව සමයේ තෑගි බෝග සහ හැම්පර් ඉල්ලීම පැහැදිලි අල්ලස් ඉල්ලීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය ජාතික ජන බලවේගයේ කිසිවකුට පිළිගත හැකි ප්‍රකාශයක් නොවන බව පැවසීය.
නීතියේ ආධිපත්‍යය මුලින්ම ක්‍රියාත්මක විය යුත්තේ තමන්ට බවත්, කුමන මානසිකත්වයකින් එම ප්‍රකාශය කළේ වුවද ඔහු ප්‍රසිද්ධියේ සමාව ගත යුතු අතර පක්ෂයක් ලෙස ඔහුට එරෙහිව විනය පියවර ගන්නා බවද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
2022 වසරේ අරගලයෙන් ජනතාව මෙම ආණ්ඩුව බලයට පත් කළේ වංචාව, දූෂණය සහ අල්ලස පිටුදැකීමට බව සිහිපත් කළ අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු උගතුන් රට වෙනුවෙන් කැපවී සිටින මොහොතක කිසිවෙකුටත් වරප්‍රසාද හෝ තෑගි ඉල්ලමින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව වැඩිදුරටත් කියා සිටියේය.
