ගෑස් සැපයුම පිළිබඳව ජනතාව අතර ඇති බිය අසාධාරණ නොවූවත්, මේවන විට රටට ගෑස් සැපයුම අඛණ්ඩව සිදු කෙරෙන බැවින් හිඟයක් නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අවධාරණය කරන ලදී.
එතුමා මේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ ඒ පිළිබදව මාධ්‍ය වාර්තාකරුවෙකු විසින් සිදුකළ විමසීමකදීය.
මෙවැනි කෙටි කාලීන ගැටළු ඇතිවුණත්, ඒවාට අවශ්‍ය විසදුම් සකස් කර ඇති බවත් මේ වනවිටත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් තිබෙන අතර, ආණ්ඩුවේ ගමන සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදය වැඩිවෙමින් තිබෙන බවත් එතුමා සඳහන් කළේය.
එසේම විපක්ෂයේ වියරු වැටීම ගැටළුවක් නොවන බවත් ආණ්ඩුවේ ගමන තුළ විපක්ෂයට ඇති අවස්ථා ඇකිලෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.





