භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කළ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අදහස් පළ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ මෙම කරුණ සම්බන්ධයෙන් තම පෞද්ගලික මතයට වඩා රජයේ ස්ථාවරය වැදගත් වන බවත්, ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලා හමුවේ රජයේ මතය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත්ය.

වරදක් සිදු කළ බවට චෝදනා එල්ල වන ඕනෑම පුද්ගලයකු නීතියට යටත් විය යුතු බව පැවසූ ඔහු, භික්ෂූන් වහන්සේලා, වෛද්‍යවරුන්, විනිසුරුවරුන්, ජනාධිපතිවරයා සහ අමාත්‍යවරුන් ඇතුළු සියලු දෙනා නීතිය ඉදිරියේ එකම සීමාවක් තුළ සිටින බව ප්‍රකාශ කළේය.

එමෙන්ම, අධිකරණ ක්‍රියාවලිය තුළ චූදිතයකු වරදකරුද නැද්ද යන්න තීරණය කිරීමෙන් පසුව නීතියට අනුව දඬුවම් නියම කෙරෙන බවද ඔහු පැවසීය.
එම ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම සිදුවීම සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කිරීමට උත්සාහ කරන බවටද වැඩිදුරටත් අදහස් පළ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>