ජනාධිපති අනුර කුමාර දිසානායක.
ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිඳු තර්ජනයක් නැහැ. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වෙලා තිබෙනවා. මහජනයාගේ පොදු ආරක්ෂාවට ඒක තර්ජනයක් බවට පත්වෙලා නැහැ. නමුත් මෙම පාතාල කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වුණු ඔවුන්ගේ සබඳතාවයන් විවිධ ක්ෂේත්ර වලට, ආයතන වලට පැතිරිලා තිබෙනවා. ඒ නිසා අපි දැඩි උත්සාහයක් දරනවා ඒක මුළුමනින්ම මැඩපවත්වන්න. අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ප්රධාන දේ තමයි මේ සියල්ල වර්ධනය වුණේ. දේශපාලන රැකවරණය යටතේ. දැන් දේශපාලන රැකවරණය නැහැ. අනිත් පැත්තෙන් සමහර තොරතුරු අපිට ලැබෙමින් තිබෙනවා. මේවා හුදු පාතාල කල්ලි තව කල්ලියක් එක්ක ගැටුමක්ද? ඒ පිටුපස කවර හෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කොටමින් මෙහෙයවනවාද කියන සැකය ගොඩනැගෙමින් තිබෙනවා. ඒ පිළිබඳ දැන් අපි පරීක්ෂණ ආරම්භ කරලා තිබෙන්නේ.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>