චේනක අබේසිංහ – දෙවන පරපුර.

සජිත් ප්‍රේමදාසට චන්දය දීපු කිසිම කෙනෙක් බලාපොරොත්තු වුනේ නැහැ රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා පළාත් පාලන ආයතනයක් බිහි කරන්න. මොකද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලැබෙන්නෙ රනිල් වික්‍රමසිංට විරුද්ධව ඔහු ගොඩනගෙන සමගි ජනබල වේගය නිසාමයි. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයිනේ චන්දේ ඉල්ලුවේ. ඒ වගේම නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවට ඡන්දය ලැබෙන්නේ ජාතික ජනබල වේගය, සමගී ජනබල වේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුලු අනෙකුත් සියලු කණ්ඩායම් වලට විරුද්ධ මිනිස්සුන්ගෙන්.
අපි පැහැදිලිව ඒක නිසා කියනවා විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මහතාට, සජිත් ප්‍රේමදාස මහතාට, රනිල් වික්‍රමසිංමහතාට දැන් ලයිෂන් නැතුව බස් එක අරන් යන්න බැහැ. ගිය පාරත් කෙනෙක් ඇවිල්ලා කරේ ලයිෂන් එක නැතුව බස් එක ගත්තා, මට ඩරයිවින් පුළුවන් කියලා අරන් ගිහිල්ලා කුඩු වෙන්න හප්පන්න ගිහින් යන්තං ඒක බේර ගත්තා. ඒ නිසා අපි කියනවා දේශපාලනයේදී ඔබලට ජනවරමක් නෑහැ පළාත් පාලන ආයතනයක් පිහිටවන්න. 3%ක් ගත්තා කියලා කියන්නෙම 97%ක් ඔබට විරුද්ධයි කියන එක. එහෙම බැලුවහම මේ ජන මතය තියෙන්නේ ජාතික ජනබල වේගයට. ඒ හින්දා ඔවුන්ට ඒ පළාත් පාලන ආයතනය මෙහෙවගෙන යන්න ඉඩ දෙන්න. එහෙම යම්කිසි සාධාරණ කාලයක් දීලා ඔවුන් එතනින් පිට පනිනවා නම් මේක හරියට ඔවුන්ට කරගන්න බැරි නම් අන්න පුළුවන් විපක්ෂයට එකතු වෙලා සුදුසු කෙනෙක් අරගෙන ඒ බලය පිහිටවා ගන්න.

වැඩිදුර විස්තර බැලීමට>>>>>>>