”දැන් අපි වව්නියාවේ මුලතිව්වල පටන් ගන්න සූදානම් කරලා තියෙනවා කිවුල් ඔය ව්‍යාපෘතිය. දැන් එහේ කට්ටියක් එකතු වෙලා දෙමල ජාතිවාදයක් අවුස්සනවා. ජනතාව පන්නපු බලවේග එළියට බැහැලා දැන් එතන ජාතිවාදයක් ඇදලා අර ව්‍යාපුය ක්‍රියාත්මක වෙන්න බාධා පමුණවමින් තියෙනවා. ඒගොල්ලෝ වතුරටත් ජාතිවාදය. ඉඩමටත් ජාතිවාදය. දේශපාලනයටත් ජාතිවාදය..”
පසුගිය 13 වන දින ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ රජයේ ප්‍රතිපත්තිය යටතේ වාරි මහිම අපේ උරුමය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අල්ල – මාවිල්ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැඟීම ආරම්භ කෙරිණි.
මෙම සමාරම්භක අවස්ථාවට අමාත්‍ය ලාල්කාන්ත මහතා සහභාගී වූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ කිසිදු ආකාරයකින් ජාතිවාදය ව්‍යාප්ත කිරීමට ඉඩ නොදෙන ලෙසයි.
” අපි මේ පටන් ගන්නේ එක පැත්තකින් වාරි ව්‍යාපෘතියක් විතරක් නෙමෙයි. ජාතික සමඟියේ වැඩසටහනක්. ජාතික සමගිය බිඳින්න දෙන්න එපා මොකෙකුටවත්..”
අමාත්‍යවරයා මෙසේ සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>







