මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමඟ ජනතාව කලබලයට පත්වීම නිසා ඉන්ධන පරිභෝජනයේ වැඩිවීමක් සිදුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසන ලද්දේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඒ හේතුවෙන්, මාර්තු මස මැද වන තෙක් භාවිත කිරීමට තිබූ ඉන්ධන මේ වන විට තිබෙන්නේ ජනතාව සතුව බවත්, අඩුවට ගෙන්වන ලද ඉන්ධන තොග මේ වන විට අවසන් වී ඇති අතර, ජනතාවට ලබාදීමට සිදු ව ඇත්තේ වැඩි මිලට ගෙන්වන ලද ඉන්ධන බව ඔහු සඳහන් කරන ලදී.

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා හැකි පමණින් ඉන්ධන පිරිමසා ගැනීමකින් යුක්තව පරිභෝජනය කරන ලෙසට ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කරන බැවින්, ඒ සඳහා වෙනත් රටවල් මෙන්ම සාමූහිකව මුහුණ දිය යුතු බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>