කොළඹ සිට භාණ්ඩ ප්‍රවාහන (කුරියර්) සේවා ආයතනයක් හරහා මොණරාගලට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 15කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 56 හැවිරිදි කාන්තාවක් මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දුටුගැමුණු පාර ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අදාළ නිවස පරීක්ෂා කිරීමේදී ගමන් මල්ලක් තුළ ඉතා සූක්ෂම ලෙස පැකට් කර අසුරා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට නිලධාරීන් සමත්ව ඇත. එහිදී ග්‍රෑම් 250කට ආසන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ මත්පෙති 40කට අධික සංඛ්‍යාවක් තිබී ඇත.
කොළඹ ප්‍රදේශයේ සිට කුරියර් සේවාවක් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය අදාළ නිවස වෙත ගෙන්වා ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, ජාවාරම පිටුපස සිටින ප්‍රධාන සැකකරුවන් අල්ලා ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.




