ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂය කුමක් වූවත්, මීට පෙර ප්‍රකාශයට පත් කළ මූල්‍ය ත්‍යාගය කිසිදු වෙනසකින් තොරව අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග මහතාට නව හෙල්ල කට්ටලයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ක්‍රීඩකයන් ජයග්‍රහණය කළ පසු පමණක් ත්‍යාග මුදල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවට, ඕනෑම තරගාවලියකදී එවැනි ජයග්‍රහණයක් අත්කරගත් විට ත්‍යාග මුදල ලබාදීමට හැකි වන පරිදි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කර ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

2025 සහ 2026 වසරවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග මුදල් ලබාදීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් ක්‍රීඩකයින් 1,900කට පමණ මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය. මීට අමතරව, විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයන්ට විදේශීය පුහුණුවීම් ලබාදීම සඳහා ඉදිරියේදී විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙන්වීමට අපේක්ෂා කරන බවද හෙی වැඩිදුරටත් පැවසීය.