එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන යෙදවීම හා නව රියදුරු පත්වීම් ලිපි ලබාදීම පසුගිය 27 වැනිදා සිදු කෙරිණි.

එහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන ලද්දේ, රටේ ජාතික සම්පත් විනිවිදභාවයෙන් හා වගකීමෙන් ආරක්ෂා කර ඒවා ඊළඟ පරම්පරාවට දියුණු කර භාරදීම වත්මන් රජයේ අරමුණ බවය.

එසේම එප්පාවල පොස්පේට් සම්පතෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය රට තුළම සංවර්ධනය කරගැනීම වැදගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

එප්පාවල පොස්පේට්හි බැර ලෝහ ප්‍රතිශතය ඉතා අඩු බැවින් එය ස්වභාවධර්මයෙන් ලැබුණු සුවිශේෂී සම්පතක් බවද, ගුණාත්මක පොහොර නිෂ්පාදනය සඳහා එම සම්පත භාවිත කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

ලෝකයේ ගුණාත්මක හා සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා වැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක, මෙම සම්පත ආරක්ෂා කරමින් එහි උපරිම ප්‍රතිලාභ රටට සහ ජනතාවට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>