එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ හා මෙහෙයුම් වාහන යෙදවීම සහ නව රියදුරු පත්වීම් ලිපි ලබාදීම පසුගිය 27 වැනිදා සිදු කෙරිණි.
එහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන ලද්දේ, ජාතික සම්පත් ආරක්ෂා කිරීම සඳහා අතීතයේ සිදු කළ අරගලවලින් පසුව අද එම ආයතන රජයක් ලෙස දියුණු කර මහජන සම්පත් ලෙස ආරක්ෂා කිරීමට හැකිවීම තම ජීවිතයේ වැදගත් අවස්ථාවක් බවය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කළ සමයේ එප්පාවල පොස්පේට් නිධිය ආරක්ෂා කරගැනීමේ ව්‍යාපාරයට තමන්ද දායක වූ බවද එම අවස්ථාවේදී ජාතික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් විරෝධතා, පාගමන් සහ විවිධ ක්‍රියාමාර්ගවල නිරත වීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.
එදා තමන් ඇතුළු පිරිස හඬ නැගූ අරමුණ අද ඉටුවෙමින් පවතින බවත්, පොස්පේට් ආයතනයට නව යන්ත්‍රෝපකරණ ලබාදීම හා එහි පහසුකම් නවීකරණය කර තිබීම සතුටට කරුණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
ජාතික සම්පත් රැකගැනීමේ අරගලයට නායකත්වය දුන් පාර්ශ්වයන් සමඟ එම සම්පත් දියුණු කරමින් සිටින අවස්ථාවක එකම ස්ථානයකදී හමුවීමට හැකිවීම සුවිශේෂී අවස්ථාවක් බවද ඔහු සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





