විහාරස්ථාන ඇතුළු සියලු ආගමික ස්ථාන සමාජයට නිවැරදි මඟ පෙන්වන, සාරධර්ම වර්ධනය කරන සහ ජාතික සමගිය ශක්තිමත් කරන ස්ථාන බවට පත් කිරීම සඳහා රජය අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරන ලදී.
වාද්දුව පොහොද්දරමුල්ල මහිගර්ජනාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය හා නව සංඝාවාසය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
ආගමික උරුමය ආරක්ෂා කරමින් අනාගත පරපුරට ශක්තිමත් සංස්කෘතික පදනමක් ලබාදීමේ වැදගත්කමද ඇය අවධාරණය කළාය.
ආගමික ස්ථාන සංවර්ධනය ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නොව සමාජ සාරධර්ම නැවත ශක්තිමත් කිරීමක් බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. රටක සැබෑ දියුණුව ආර්ථිකය පමණක් නොව මිනිසුන්ගේ සදාචාරාත්මක සංවර්ධනය මතද රඳා පවතින බව ඇය සඳහන් කළාය.





