ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් මහතා අතර සාකච්ඡාවක් අද (26) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ පිලිප් වෝර්ඩ් මහතා සඳහන් කළේ, ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාවේදී ලබාදුන් ඩොලර් මිලියන 7.5ක ආධාරය ආපදා ප්‍රතිචාර කටයුතු සඳහා සාර්ථකව යොදාගත් බවත්, නව ආධාරය 2026–2027 කාලසීමාවේ ආපදා සූදානම්කම සහ ධාරිතා සංවර්ධනය සඳහා යොමු කරන බවත්ය.
එමෙන්ම ලෝක ආහාර වැඩසටහන (WFP) ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ සහ පූර්ව සූදානම් වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක අලුත් ආධාරයක් ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතීන්ගේ නිලධාරීහු අවධාරණය කළේ විනිවිදභාවය සහ ප්‍රතිඵලදායී ක්‍රියාකාරිත්වය මෙම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ඇති බවයි.





