නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් මහතා පවසන්නේ දේශපාලනය සහ පාතාල ක්‍රියාකාරකම් අතර අතීතයේ සිටම සම්බන්ධතා පැවති බවත්, එය රටේ දේශපාලන සංස්කෘතියට බලපෑම් කළ බවත්ය.

ඔහු මෙම අදහස් පළ කළේ දේශපාලනය හා පාතාලය අතර සම්බන්ධතා පිළිබඳව අදහස් දක්වමින්ය. ඇතැම් අතීත සිදුවීම් හා දේශපාලන නායකයන් සම්බන්ධ බවටද ඔහු සඳහන් කළ අතර, එවැනි සම්බන්ධතා රටේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමට හේතු වූ බවද පැවසීය.

නව දේශපාලන ව්‍යාපාරයක් ලෙස තම පාර්ශවය බලයට පැමිණියේ එවැනි ක්‍රියාකාරකම් අවසන් කිරීමේ අරමුණින් බවද ඔහු අවධාරණය කළේය. දේශපාලනය සහ පාතාලය අතර තිබූ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම තම ආණ්ඩුවේ පොරොන්දුවක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජනතාව ලබාදුන් ජනවරම එවැනි ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා බවත්, එය ඉටු කිරීමට තමන් කැපවී සිටින බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>