පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක්. – 30.10.2025

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙස විපක්ෂය විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ඉල්ලීම ලිඛිතව සිදු කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සඳහන් කර සිටියා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු විසඳීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට පොලිස්පතිවරයා මෙලෙස පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙසයි විපක්ෂය මෙලෙස ඉල්ලීමක් කර තිබෙන්නේ.