සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන හට පවතින තර්ජන හේතුවෙන් ඔහුට යම් තාවකාලික ආරක්ෂාවක් මේ වන විට ලබාදී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
ඒ අනුව, ඔහුට එම තර්ජනය ගොඩනැඟී ඇත්තේ මහජන දේශපාලනය නිසා නොව සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ යම් පුද්ගලයන් සමඟ සබඳතා පැවැත්වීම නිසා බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.






