විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

මේ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ද මැදිහත් වීමෙන් මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

දැනටමත් ඡන්දය ලබා දීමට අවශ්‍ය කරන පහසුකම් සලසා ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් කමිටුවක් පත් කර ඇති බව සහ විදෙස්ගත ශ්‍රමිකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අවශ්‍ය කරන නෛතික සම්පාදනයන් ද සිදු කරමින් ඇති බවයි විජිත හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.