තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හරහා සිදුකර ඇති අපහාසය වෙනුවෙන් මිලියන 500 ක වන්දියක් ඉල්ලා වරුණ රාජපක්ෂ යන අයට එරෙහිව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නීතිඥවරුන් මාර්ගයෙන් මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් YouTube නාලිකාවක් හරහා සාවද්‍ය කාරණයක් සමාජගත කර ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ එයින් පෙන්වා දෙයි.