ඉදිරියේදී ඉන්ධන ලබා දීම සිදුකරනු ලබන්නේ QR ක්‍රමවේදය යටතේ පමණක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රකාශ කරන ලදි.

මෙහිදී QR කේතය භාවිතා කළ පිරිසට, වාහන අංකය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, වෙබ් අඩවියට පිවිසීමෙන් QR කේතය නැවත ලබාගත හැකි බවත්, වෙනස් වී ඇත්නම් නැවත ලියාපදිංචි විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තෙල් ලබා ගැනීම සඳහා පෝලිම් වල සිටීමේ අවශ්‍යතාවය ඉදිරියේදී නොමැති බවත්, පිරවුම්හල් හිමියන්ට සම්පූර්ණ ඒකාබද්ධ පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

ලබා දී ඇති තොගය හා නිකුත් කළ ප්‍රමාණය අතර වෙනසක් තිබුණහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඇතැම් අවස්ථාවල බලපත්‍ර අවලංගු කිරීමේ හැකියාද්වද ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය ක‍රන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>